Author: Editor

මාධ්‍ය නිදහස තක්සේරු කළ හැකි පැතිකඩ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ

මැයි 03 වැනිදාට යෙදුණු ‘ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය‘ නිමිත්තෙන් පැවති සංවාද මණ්ඩපයකදී  කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා විසින් ‘මාධ්‍ය නිදහස තක්සේරු කළ හැකි පැතිකඩ’ මැයෙන් පැවැත්වූ දේශනයේ පිටපත ඔබේ අවධානය සඳහා මේ සමඟ යොමු කරමු. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රකාශනයක් වන ‘2020- ශ්‍රී ලංකාවේ…

පරිපාලන සේවයේ චමිල ජයසිංහ අත්අඩංගුවට ගැනීම, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමේ නව ස්වරූපයක්.

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළව තිබූ පෝස්ටුවක් බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබියදී පවතින වසංගත තත්ත්වය හමුවේ කල් ඉල්ලා සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ චමිල ඉන්දික ජයසිංහ අත්අඩංගුවට ගැනීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ නව ආකාරයක තර්ජනයක් ලෙස නිදහස් මාධ්‍ය…

සෞඛ්‍ය ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය අංශ හා නිලධාරීන් වෙත නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් ලිපිය වසංගත තොරතුරු වසං කිරීමට ගත් උත්සාහයක්.

ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට බලපාන ආයතන සංග්‍රහයේ වගන්ති කිහිපයක් උපුටා දක්වමින්, එම විධිවිධාන නොසලකා සෞඛ්‍ය සේවාවට අදාලව  මාධ්‍ය වෙත තොරතුරු සපයන සියලු පුද්ගලයන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවට අනතුරු ඇඟවීමේ ලිපියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය අංශ සහ නිලධාරීන් වෙත…

ඊශ්‍රායලය විසින් ගාසා තිරයේ මාධ්‍ය ආයතන පිහිටි ගොඩනැගිලි විනාශ කිරීම හා සිවිල් වැසියන්ට එරෙහි ප්‍රහාර ලෝක ප්‍රජාව විසින් දැඩි සේ හෙළා දැකිය යුතුයි.

ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර හේතුවෙන්  මාධ්‍ය ආයතන පිහිටි පලස්තීනයේ ගාසා තීරයේ ගොඩනැගිල්ලක් මුලුමනින්ම විනාශ වී ඇති අතර මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව බරපතල ලෙස තර්ජනයට ලක් වී ඇත. විදේශ මාධ්‍ය වාර්තාවලට අනුව මැයි 13 වෙනිදා එල්ල කළ ප්‍රහාරයෙන්, දේශීය මාධ්‍ය ආයතන මෙන්ම…

නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන් වහාම නිදහස් කර ඔහුට පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි

නිදහස්  මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන මලික අබේකෝන් අත්අඩංගුවට ගැනීම සහ පහර දීම පොලීසිය විසින් කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එය දැඩි සේ හෙළා දකී. අප්‍රේල් මස 07 වැනිදා කොළඹදී පැවති සෞඛ්‍ය සේවක විරෝධතා ව්‍යාපාරයක් අතරතුරදී මරදාන පොලීසිය විසින් මලික…

මාධ්‍ය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය බරපතල අනතුරු ඇඟවීමක්! – මාධ්‍ය සංවිධාන එකතුව

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වළපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, යෝඹුවැල්තැන්න ප්‍රදේශයේදී මාර්තු 20 වැනිදා පැවැති ගම සමඟ පිළිසඳර වැඩ සටහනට සහභාගී වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනමාධ්‍ය සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය අදහස් ප්‍රකාශ කිරීමේ සහ  මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් බරපතල අනතුරක සේයාවක් මතු කරන බව ප්‍රකාශ කරන මාධ්‍ය…

මාධ්‍යවේදියකු පැහැර ගෙන යෑමේ සිදුවීම පිළිබඳ සත්‍යය වහා හෙළිදරව් කළ යුතුයි!

සුජීව ගමගේ නම් නිදහස් මාධ්‍යවේදියකු පැහැර ගෙන ගොස් වදහිංසා පමුණුවා අතහැර දමා යෑම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල අනතුරු ඇඟවීමක් සේ සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා සත්‍ය තොරතුරු අනාවරණය කරන ලෙස රජයට අවධාරණය කර සිටී. සුජීව ගමගේ ප්‍රකාශ කළ අන්දමට සහ වාර්තා…

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අධෛර්යමත් කරන ක්‍රියාවලින් රජය වැළකිය යුතුයි

සිංහරාජය ආසන්නයේ වනාන්තරය  විනාශ කිරීම සම්බන්ධයෙන් රක්වානේ භාග්‍යා අබේරත්න නම් තරුණිය විසින් පළ කරන ලද අදහසට එරෙහිව ආණ්ඩුවේ බලධාරින් දක්වන ලද  ප්‍රතිචාර හා පොලීසියේ ක්‍රියාකාරිත්වය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීමක් සේ සලකන නිදහස්  මාධ්‍ය ව්‍යාපාරය එය දැඩිසේ හෙළා දකියි. සිරස රූපවාහිනියේ ”ලක්ෂපති”  වැඩසටහනකට සහභාගි…

1973 අංක 5 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත අහෝසි කළ යුතුයි!

එය ප්‍රතිසංවිධානයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි සේ විරුද්ධයි! වසර පනහකට ආසන්න, මාධ්‍ය නිදහසට දැඩි සේ හානිකර නීතිමය අවරණයන් සහිත යල්පැන ගිය නීතියක් වන පුවත්පත් මණ්ඩල පනත ප්‍රතිසංවිධානයට දැඩි සේ විරෝධය පළ කරමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම පනත අහෝසි කරන…

ලේඛක ශක්තික සත්කුමාර නඩු තීන්දුව පූර්වාදර්ශයක් කොට ගෙන, පොලීසියේ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් වළක්වන්න.

02. 10 පොලිස්පතිතුමා, පොලිස් මූලස්ථානය, කොළඹ   ලේඛක ශක්තික සත්කුමාර නඩු තීන්දුව පූර්වාදර්ශයක් කොට ගෙන, පොලීසියේ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් වළක්වන්න. පොලිස්පතිතුමනි, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ශක්තික සත්කුමාර නම් නිර්මාණශීලී ලේඛකයා අත්අඩංගුවට ගෙන පවරා තිබූ නඩුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කළ…