2021.12.27

මාධ්‍ය නිවේදනය

මාධ්‍යවේදී මංජුල සමරසේකරගේ වැඩ තහනම් කරයි – වහා යුක්තිය ඉටු කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍ය ඇමති ඩලස්ට කියයි.

ලෙක්හවුස් ආයතනයේ ඩිජිටල් මාධ්‍ය දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී මංජුල සමරසේකරගේ සේවය අත්හිටුවන බව 2021/11/25 දිනැතිව නිකුත් කරන ලද  ලිපියකින් එම ආයතනයේ මානව සම්පත් අධ්‍යක්ෂවරයා දන්වා ඇත. නමුත් මංජුල සමරසේකරගේ සේවය අත්හිටුවීමට හේතුව අදාල ලිපියේ සඳහන් නොවන අතර තමන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසා ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයාට ලිපියක් යොමු කර මාසයක් ගෙවුණ ද ප්‍රතිචාර නොමැති බව මාධ්‍යවේදී මංජුල සමරසේකර පවසයි.මෙය රාජ්‍ය මාධ්‍ය තුළ ක්‍රියාත්මක වන  මර්දනයේ තවත් එක් ගොදුරු කර ගැනීමක් ලෙස දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිදුවීම සම්බන්ධයෙන් වහා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන මෙන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ඉල්ලා සිටී.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුමට යොමු කළ ලිපිය මේ සමග ඇත.

ලසන්ත ද සිල්වා

කැඳවුම්කරු

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

හනා ඉබ්‍රහිම්

ලේකම්

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය