වසරෙන් අඩක් නිමවීමටත් පෙරම 2022 වර්ෂය ශ්‍රී ලංකාවට මහත් අභියෝගාත්මක වසරක් බවට පත්විය. පසුගිය මාර්තු මාසයේ අග සිට රට පුරා හටගත් අඛණ්ඩ විරෝධතා රැල්ලක් සමඟ මාධ්‍ය සමාජයට තම දෛනික වාර්තාකරණය දැඩි වෙනසකට ලක්වූ බව වටහා ගත හැකි විය. මාධ්‍ය සමාජයට නවතම අවදානම් ගතිකයන්ට මුහුණදීමට සිදුවූ අතර එමෙන්ම තම වාර්තාකරණ කටයුතුවලින් තාවකාලිකව හෝ මිදීමට නොහැකි තත්ත්වයකටද පත්විය.

මෙම උපදෙස් පත්‍රිකා Internews විසින් සකස් කර ඇත්තේ නාගරික ප්‍රදේශවල පවත්නා සිවිල් විරෝධතා ආරක්ෂාකාරීව සහ වඩාත් වෘත්තීමය ලෙස වාර්තාකරණය කිරීමට හැකිවන කඩිනම් මාර්ගෝපදේශකයක් ලෙසය. ශ්‍රී ලංකාවට අනන්‍ය වූ තත්ත්වයන් වාර්තා කිරීම සඳහා අප විසින් ජාත්‍යන්තරව පවතින භාවිතයන් උපයෝගී කරගනු ලැබූ අතරම අනෙකුත් මාර්ගෝපදේශයන්ද වර්තමානයේ පවතින තත්ත්වයන්ට ගැළපෙන පරිදි සංස්කරණය කරන ලදි.

මෙම මාර්ගෝපදේශයන් සමාජ ක්‍රියාකාරීන්ටද අදාළ වන අතර එය පරිපූර්ණම උපදෙස් මාලාවක් නොවූවත් මූලිකවම ස්වයං ආරක්ෂක කුසලතා වැඩිදියුණු කරගැනීමට ප්‍රධාන වශයෙන් මෙවලමක් ලෙස යොදාගත හැක.

ස්වයං ආරක්ෂක කුසලතා වැඩිදියුණු කරගැනීම සඳහා වන උපදෙස් පත්‍රිකා PDF පිටපත් මෙතැනින් භාගත කරගන්න.

Tip Sheet 01_Reporting civil protests_Sinhala

Tip Sheet 02_Reporting long-term civil unrest_Sinhala

Tip Sheet 03_Reporting alone_Sinhala

Tip Sheet 04_Mental safety and wellbeing_Sinhala

Tip Sheet 05_Safety tips for photojournalists_Sinhala