1970 දශකය ආරම්භයේදි ඇත්ත පුවත් පතින් සිය මාධ්‍ය ජිවිතය ආරම්භ කළ චුලවංශ සිරිලාල් මහතා, අනතුරුව යුක්තිය හා ලංකාදීප පුවත්පත් හි මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කළේය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කිරිමේ දි එහි පුරෝගාමි  සාමාජිකයෙකු වශයෙන් ක්‍රියාකාරි වැඩ කොටසක් ඉටු කළ ඔහු, තම ඉතිහාසය පුරා හැකි සෑම විටකම මාධ්‍ය නිදහස ආරක්ෂා කිරිමේ අරගලවලට ක්‍රියාකාරීව දායක වුයේය. එමෙන්ම සංවිධානය විවිධ අභියෝග වලට මුහුණ දුන් අවස්ථාවල ඊට විසඳුම් සෙවිම සඳහා දායකත්වය දෙමින් කරන ලද  මහඟු සේවය ද මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කරමු. 

ඒ මහතා ගේ දේහය අංක 19/2 A පළමු පටු මඟ, වික්‍රමසිංහපුර, පැලවත්ත යන ලිපිනයේ තැන්පත් කර ඇති අතර, සැප්තැම්බර් 23  ප.ව. 2.00 ට ආගමික කටයුතු සිදු කිරීමට නියමිතය. අවමඟුල් පෙරහැර ප.ව. 4.00 ට නිවසින් පිටත් වන අතර,  අවසන් කටයුතු ප.ව. 5.30ට බොරැල්ල කනත්තේ දි සිදු කෙරේ. 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සාමාජිකත්වයට දේහයට අවසාන ගෞරව දැක්වීමට සහභාගි වනු  පිණිස ප.ව 4.00 ට පෙර පැලවත්ත නිවසට හෝ එසේ නොහැකි නම් ප.ව. 5.00ට බොරැල්ල කනත්තට පැමිණෙන ලෙස  මෙයින් ආරාධනය කර සිටිමු. 

සී.දොඩාවත්ත

කැඳවුම්කරු