2020 වර්ෂය සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පළ කර ඇති මාධ්‍ය නිදහස පිළිබඳ වාර්ෂික වාර්තාව මැයි 03 ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේදි මහජනයා සඳහා හඳුන්වා දෙනු ලැබින.

ශ්‍රී ලංකාව වැනි රටවල මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තක්සේරු කිරීමේ දි දැනට ජාත්‍යන්තර සංවිධාන විසින් අනුගමනය කරන ක්‍රමවේදය කොපමණ දුරට බිම් මට්ටමේ යථාර්ථිය පිළිඹිබු කරයි ද යන්න ගැටලුවකි.

මෙම වාර්තාව ශ්‍රී ලංකික ප්‍රවේශයක් සහිත මෙරට මාධ්‍ය නිදහස වඩාත් යථාර්ථිවාදි ලෙස හඳුනා ගැනීමට දරන ලද උත්සාහයක් වේ.

එහිදි පවා පර්යේෂකට පෙනි ගියේ දැනට භාවිතා කරන දර්ශකයන්ට හා ප්‍රවේශයන්ට හසු නොවන මාධ්‍ය නිදහස හකුලන සිදුවීම් හා ප්‍රවණතාවයන් රාශියක්  තිබෙන බවය.

මේ නිසා ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස මතු පිටින් පෙනෙනවාට වඩා භායනක තත්ත්වයක ඇතැයි මෙම වාර්තාව ඉඟි කරයි.

2020 වාර්තාවේ වැඩි අවධානයක් යොමු කොට ඇත්තේ දැනට මාධ්‍ය සංවිධාන ඇතුලු පාර්ශවකරුවන් විසින් අනුගමනය කරන විධික්‍රම සමාලෝචනයට සහ ඉදිරියේ දි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් තෝරා ගත යුතු ක්‍රමවේදය කුමක් විය යුතුදැයි සාකච්ඡා කිරීම පිණිසය.

2021 වර්ෂයේ සිට මාසිකව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් මෙරට මාධ්‍ය නිදහස පිළිබඳ නිරික්ෂණ වාර්තාවක් නිකුත් කරයි. පසුගිය වාර්තා මාධ්‍ය නිදහස පිළිබඳ වාර්තා