නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ‘ ඩිජිටල් මාධ්‍යවේදීන් සංවිධානගත කිරීමේ’ වැඩ මුළුවක් දෙසැම්බර් 3 හා 4  යන දිනවල දි කොළඔ ‘ ද ඕෂන්’ හෝටලයේදී පැවැත්වින.

ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ වෙබ්, බ්ලෝග්, යුටියුබ්, ‌ෆේස් බුක් වැනි විවිධ අන්තර්ජාල මාධ්‍යයන්හි ක්‍රියාකාරි  මාධ්‍යවේදීන් රැසක් මෙම වැඩමුළුවට සහභාගි විය.

‘ ඩිජිටල් මාධ්‍ය’ පිළිබඳ කුඩා පරිමාණ අධ්‍යයනයක් නමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ  සංවිධානය සමඟ ඒකාබද්ධව පැවැත්වු සමික්ෂණ වාර්තාවේ අඩංගු නිර්දේශ පදනම කොට ගෙන මෙම වැඩ මුලුව සංවිධානය කොට තිබුනි.

මෙම වැඩ මුළුවට සම්පත්දායකයින් වශයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී.දොඩාවත්ත,ලේකම් ලසන්ත ද සිල්වා, භාණ්ඩාගාරික තාහා මුසාම්මිල් සහ විධායක සභික නීතිඥ  ජගත් ලියන ආරච්චි සහ පුවත්පත් පැමිණිලි කොමිසමේ පැමිණිලි නිලධාරි කමල් ලියනආරච්චි යන මහත්වරුන් සහභාගි වු අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ධනේෂි යටවර මෙනවිය විසින් මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවාය.

මෙම වැඩ මුළුවේ පළමු දින ප්‍රථම සැසිවාරය වුයේ ‘ ඩිජිටල් මාධ්‍ය හා නීතිය’ නම් වු අතර දෙවන සැසිවාරය වුයේ දැනට ඩිජිටල් මාධ්‍යවේදීන් මුහුණු අභියෝග හා එම අභියෝග වලට මුහුණ දෙන ආකාරය පිළිබඳ විවෘත සංවාදයයි. දෙවන දිනයේ ප්‍රථම

මෙම වැඩමුළුවේදි ඩිජිටල් මාධ්‍යවේදීන් විසින් සිය වෘත්තීය කටයුතු කිරීමේදී මුහුණ දෙන විවිධ ගැටළු සාකච්ඡාවට භාජනය කරන ලද අතර එම ගැටළු නිරාකරණය කර ගැනීම පිණිස වහාම ගත යුතු පියවරක් වශයෙන් සංවිධානගතවිමේ අවශ්‍යතාවය පිළි ගන්නා ලදි. දෙවන දිනයේ ප්‍රථම සැසිය ‘මාධ්‍ය ආචාර ධර්ම හා ඩිජිටල් මාධ්‍ය’ පිළිබඳ දැනුවත් කිරීම සිදුවිය. දිනයේ දෙවන සැසිය ‘ ඉදිරි ක්‍රියාමාර්ග හඳුනා ගැනීම’ සදහා වෙන් විය.

International Federation of Journalist (IFJ) Union to Union වැඩ සටහන විසින් මෙම වැඩමුළුවට අනුග්‍රහය දක්වන ලදි.